රජයෙන් දැනුම්දීමක් - අද සිට විශේෂ සතියක් ලබන 19ය තෙක් ක්‍රියාත්මක වේ

Report

පළාත් පාලන ආයතන සම්බන්ධ කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය අද (14) සිට සැප්තැම්බර් 19 වැනි දින දක්වා පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා පවසයි.

දින 6ක් පුරා පැවැත්වෙන මෙම පළාත් පාලන සතියේ ජාතික වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ අතර, දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමින් මෙය ක්‍රියාත්මක කෙරේ.

අද කැරට් 24 රන් පවුම කැරට් 22 න් වෙනස් වෙන මිල මෙන්න - හැමෝම හොයපු රන් මිල ගණන්

අද කැරට් 24 රන් පවුම කැරට් 22 න් වෙනස් වෙන මිල මෙන්න - හැමෝම හොයපු රන් මිල ගණන්

ජනතාවට බලපාන පාරිසරික, සෞඛ්‍ය, යටිතල පහසුකම් සහ සාහිත්‍යමය ගැටලුවලට විසඳුම් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

ඒ අනුව පළමු දිනය වන අද 'ජංගම සේවා සහ ආදායම් ප්‍රවර්ධන දිනය' ලෙස නම් කර ඇති අතර, දෙවැනි දිනය (15) 'මහජන උපයෝගීතා සහ යටිතල පහසුකම් දිනය' ලෙස ක්‍රියාත්මක වේ. සැප්තැම්බර් 16 වැනි දින 'පරිසර දිනය' ලෙස නම් කර ඇති අතර, එහිදී පාසල් දරුවන් හා තරුණ ප්‍රජාව එක්කර ගනිමින් රුක් රෝපණය සහ ප්ලාස්ටික් හා කැළි කසළ ඉවත් කිරීමේ වැඩසටහන් පැවැත්වේ.

සියල්ල කම්පාකළ දෙහිවල නිවසට අත්බෝම්බ ප්‍රහාරය එල්ලකළ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට

සියල්ල කම්පාකළ දෙහිවල නිවසට අත්බෝම්බ ප්‍රහාරය එල්ලකළ සිද්ධියට දෙදෙනෙකු අත්අඩංගුවට

සැප්තැම්බර් 17 වැනි දින 'සෞඛ්‍ය, සනීපාරක්ෂක සහ ඩෙංගු මර්දන දිනය' ලෙසත්, සැප්තැම්බර් 18 වැනි දින 'සාහිත්‍ය, අධ්‍යාපන, පුස්තකාල, සුබසාධන සහ ක්‍රීඩා දිනය' ලෙසත් පැවැත්වීමට සැලසුම් කර ඇත.

වැඩසටහනේ අවසන් දිනය වන සැප්තැම්බර් 19 වැනිදා විශිෂ්ට සේවාවක් ඉටුකළ රාජ්‍ය සේවකයින්, ආයතන සහ ප්‍රජා සංවිධාන ඇගයීමට ලක්කිරීම සහ ප්‍රතිලාභීන් වෙත සහනාධාර පිරිනැමීම සිදුකිරීමට නියමිත බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.