විවාහක රූ රැජිණ කිරුළ ගැලවීමේ නඩුව කැරොලයින් ජූරි ඇතුළු විත්තිකාරියන්ට අද ලැබුණු නියෝගය
විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදී පුෂ්පීකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත් කර ඇයට පහරදීම ඇතුළු චෝදනා ලබා සිටි කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර යන විත්තිකාරියන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ
. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී 2021 වර්ෂයේදී පැවැති විවාහක රූ රැජිණ තරගාවලියේදී මෙම සිදුවීම වාර්තා වී තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බවයි.
මේ අතර, අදාළ නඩුවේ විත්තිකාරියක වූ චූලා පත්මේන්ද්‍ර මහත්මිය මේ වන විට මියගොස් ඇති බව ද අධිකරණය හමුවේ තහවුරු විය.