“හදවතින්ම ස්තූතියි අයියේ” - ලෝක ශූර රුමේෂ් තරංගගෙන් සමාජ මාධ්‍යයේ සංවේදී සටහනක්
ලෝක මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළටම ඔසවා තැබූ රුමේෂ් තරංග මේ වන විට සමාජ මාධ්‍යයේත් කතාබහට ලක්වෙමින් සිටිනවා. ඒ, හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමත් සමඟයි.
රුමේෂ් එහිදී හෙල්ලය මීටර් 91.09ක දුරක් විසිකරමින් මෙම විශිෂ්ට ජයග්‍රහණය වාර්තා කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ ජයග්‍රහණයට පසුව රුමේෂ් තැබූ සටහනක් මේ වන විට සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා
තම ක්‍රීඩා ගමනේ මුල් අවධියේ සිටම තමන්ට මඟ පෙන්වමින්, ලෝක මට්ටමේ ක්‍රීඩකයෙකු වීමේ සිහිනය ඇති කළ චතුර රණසිංහ වෙනුවෙන් රුමේෂ් තැබූ මෙම සංවේදී සටහනට විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා.රුමේෂ් සිය ෆේස්බුක් පිටුවේ පළ කළ සම්පූර්ණ සටහන
''Ada wenasma widiye kathawak oya widiyatama🙃👊🏻 අද මම ඉන්න මේ තැනට එන්න පුංචි කාලේ ඉඳන්ම ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක් වෙන්න ඕන කියන සිහිනය මගේ හිතට දාලා, මාව නිතරම මාර්ගෝපදේශනය කරමින්, ක්‍රීඩාවෙන් වගේම ජීවිතයෙන්ද ඉගෙන ගන්න ඕන දේවල් බොහොමයක් කියාදුන් කෙනෙක් තමයි චතුර රණසිංහ අයියා. අද රටේ ගොඩක් දෙනෙක් මාව හඳුනනවා. නමුත් මගේ ජයග්‍රහණ, මගේ ගමන සහ මේ තරඟාවලිය ගැන රටේ ගොඩක් දෙනෙක් දැනගත්තේ ඔබ නිසයි. මම සහභාගී වූ සෑම තරඟයකම, සෑම ජයග්‍රහණයකම ඔබත් කොටස්කරුවෙක්. ඒ වෙනුවෙන් හදවතින්ම ස්තූතියි අයියේ. 👊🏻❤️”