“එදා විරුද්ධ වූ ක්‍රමය අද ඉල්ලන්නේ ඇයි?” - මහින්දගෙන් විපක්ෂයට ප්‍රශ්නයක්

Report

2017 වසරේදී පැරණි පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් බරපතළ චෝදනා එල්ල කළ විපක්ෂ දේශපාලන පක්ෂ අද එම මැතිවරණ ක්‍රමය යටතේම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට ඉල්ලා සිටීම පරස්පර විරෝධී ස්ථාවරයක් බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු විසඳුණු වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවට විපක්ෂය ඉල්ලා සිටින බව පැවසූ මහින්ද ජයසිංහ මහතා, එම මැතිවරණය අර්බුදයකට ලක් කළ නීතිමය තත්ත්වය ඇති වූයේ 2017 වසරේදී බවද පෙන්වා දුන්නේය.

අධ්‍යාපනයේ විශාල වෙනසක්.. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ළමයි ඇතුළත් කර ගෙන නෑ.. - බරපතළ චෝදනාවක්

අධ්‍යාපනයේ විශාල වෙනසක්.. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ළමයි ඇතුළත් කර ගෙන නෑ.. - බරපතළ චෝදනාවක්

ඔහු සඳහන් කළේ, එවකට පැවති යහපාලන රජය යටතේ පළාත් සභා මැතිවරණ ක්‍රමයට අදාළව සිදු කළ නීතිමය වෙනස්කම් හේතුවෙන් වර්තමානයේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවයි.

2017 වසරේදී පැරණි මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කළ දේශපාලන පක්ෂ අද එම ක්‍රමය යටතේම මැතිවරණය පැවැත්විය යුතු බවට ඉල්ලා සිටීම එම පක්ෂවල ස්ථාවරයේ පරස්පරතාවක් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පැරණි සහ අක්‍රමවත් මැතිවරණ ක්‍රමයක් යටතේ පළාත් සභා මැතිවරණ පැවැත්වීමෙන් ජනතා නියෝජනය සහ රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් ගැටලු ඇති විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පෙර පවතින නීතිමය ගැටලු සඳහා ස්ථාවර හා නිසි විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍ය බවත්, එම කටයුතු අවසන් වූ වහාම මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන බවත් මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹෙයි - මුහුදු රළ ඉහළට - ඉදිරි පැය 24 අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹෙයි - මුහුදු රළ ඉහළට - ඉදිරි පැය 24 අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි