සියළු ගැබිණියන්ට කොරෝනා එන්නත අනුමත කෙරේ.

Covid Sri Lanka Vaccines Pregnant women
By Aruna Jun 07, 2021 02:56 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ඉල්ලීම මත, මෙම එනනත්කරණයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇත, පසුගිය අප්‍රේල් මස 28 වැනිදා සිට මාධ්‍ය මගින් බලධාරීන් දැනුවත් කරමින් ආරම්භ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස.

ගර්භණි මවුවරුන්ට එන්නත්කරණයට අනුමැතිය ලැබී තිබේ.

සාමාන්‍යයෙන් දිවයින පුරා රෝහල්වල ගැබිනි මවුවරුන් දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවල සදහා වෙයි .

ගැබිනි මවුවරුන්ට එන්නත් ලබා දීමෙන් කොවිඩ්වලින් මවුවරුන් ආරක්ෂා වීම සහ නව ජන්ම දරුවන්ටද එමගින් ආරක්ෂාවක් ලැබෙන බවට අප සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් බලධාරීන් දැනුවත් කළ අතර ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ද ඊට තහවුරුවක් ලබා දී තිබේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යෂක විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා ,මහජන සෞඛ්‍ය පිළිබද නියෝජ්‍ය අධ්‍යකෂ ජනරාල් සුසී පෙරේරා යන මහත්මීන්ගේ මගපෙන්වීම මත බෝවන රෝග පිළිබද උපදේශක කමිටුව විසින් ගැබිනි මවූවරුන්ට එනනත්කරණය කිරීමේ කටයුත්ත ප්‍රමුබ කාර්යක් ලෙස හදුනවා දෙන ලදි ඊට ප්‍රථම සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය සහ ,සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජිව මුණසිංහ ,සෞඛ්‍ය සේවා අධ්‍යකෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් සමගද අප විද්‍යායතනය එන්නත් ලබා දීම සම්බන්ධයෙන් සකච්ඡා කරන ලදී කොවිඩ් මර්දනය පිළිබද ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ලැබුණු සහයෝගය මෙහිදී ඉතා වැදගත් විය.

You May like this video


ඒ අනුව අවදානම් සහිත මවූවරුන්ට නිර්ණායක කිහිපයක් යටතේ එන්නත් ලබා දීම සිදු වෙයි. වයස, රෝගී තත්වය ,රෝගයට නිරාවරණය වීමේ හැකියාව මෙහිදී විශේෂයෙන්ම සලකා බැලෙයි . ගැබිනි මවුවරුන්ට එනනත්කරණය මාසයක් ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇත.

මෙමගින් මරණ හා ආබාධ වළක්වා ගත හැකි අතර, එමගින් සෞඛ්‍ය දර්ශක අතර ඉහළට ගමන් කිරීමට හැකියාව ඇති බව අපගේ නිගමනයයි.

එන්නත්කරණය නිසි පරිදි සිදු කිරීමෙන් ගැබිනි මවූවරුන්ට කොවිඩ් වැළදීම වැලැක්වීම සදහා එන්නත්කරණය කළ ලොව ප්‍රථම රට බවට ශ්‍රී ලංකාව පත් වෙයි දිවයින පුරා රෝහල්වල ගැබිනි මවූවරු හා කොවිඩ් වැළදුණු ගැබිනි මවූවරු ප්‍රතිකාර ලබති.

කොවිඩ් වැළදීම හේතුවෙන් ගැබිනි මවූවරුන් අට දෙනකු මේ වන විට ජිවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ පුර්ණ සහයෝගය මත එන්නත්කරණය ලබන බදාදා (09 ) පෙ .ව .11.00 ට පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත එහි සමාරම්භක වැඩසටහන එදින පෙරවරු 11.00 ට බොරැල්ල කාසල් විදියේ කාන්තා රෝහලේ දී සිදු කිරීමට නියමිතය.

අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සෞඛ්‍ය ඇමති නීතිඥ පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ළමා සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යෂක විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය ඇතුළු පිරිසක් ද එම වැදගත් අවස්ථාවට සහභාගී වෙති .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now