තවත් රෝගයක් ඇති අයටත් කොවිඩ් එන්නත..ඔබත් මේ රෝගයෙන් පෙළෙන්නේ ද ?
වයස අවුරුදු 30ට අඩු පළවැනි කාණ්ඩයේ දියවැඩියාව ඇති පුද්ගලයන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලින් ඉල්ලා සිටින බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා පවසනවා.
ඊයේ (අගෝස්තු 02දා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. එසේම දියවැඩියා සඳහා ඉන්සියුලින් සහ ඖෂධ ලබා ගන්නා පුද්ගලයන් කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට මැළිකමක් දක්වන බවත් එය භයානක තත්ත්වයක් බවයි වෛද්‍යවරයා සඳහන් කළේ.
කොවිඩ් වසංගතයේ වර්ධනය සමග දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇති පුද්ගලයන්ට කොවිඩ් ආසාදනය වීමෙන් ඇතිවන මරණ වල වැඩිවීමක් පෙන්නුම් කරන බවද ඔහු සඳහන් කළා.
එම නිසා සියලු දෙනා කොවිඩ් මර්දන එන්නත ලැබෙන පළමු අවස්ථාවේදීම ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලා සිටිනවා.
දිවයින පුරා නිවාස 500ක් ආශ්‍රයෙන් සිදු කළ සමීක්ෂණයකදී දියවැඩියාව වැලඳී ඇති පුද්ගලයන් එන්නත ලබා ගැනීමට මැළිකමක් දක්වන බවට තහවුරු බවයි මෙහිදී විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා සඳහන් කළේ.
මේ අතර ඊයේ දිනය තුළ දී කොවිඩ් මර්දනය උදෙසා දිවයින පුරා ක්‍රියාත්මක වූ එන්නත් කරන වැඩ වැඩසටහන් යටතේ එන්නත් මාත්‍රා 422454 ලබාදුන් බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
ඒ අනුව ඊයේ දිනය තුළ දී සයිනොෆාර්ම් පලමු මාත්‍රාව ලෙස එන්නත් 203515ක් ලබාදී ඇති අතර දෙවැනි මාත්‍රාව ලෙස ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව 18483ක්.
ඇස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ලෙස එන්නත් 22981 සහ දෙවන මාත්‍රාව ලෙස එන්නත් 174985 මේ යටතේ ලබා දී තිබෙනවා.
මේ අතර ඇමරිකානු මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලෙස එන්නත් 2490 ද ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන එන්නත් මධ්‍යස්ථාන වන විහාරමහාදේවි එන්නත් මධ්‍යස්ථානය සහ දියත උයන එන්නත් මධ්‍යස්ථාන තවදුරටත් පැය 24 පුරාම ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
