නාගරික මන්ත්‍රීවරයෙකුටත් කොවිඩ්

covid city councilor
By Thaya Dec 25, 2020 11:34 AM GMT
Thaya

Thaya

Report

හැටන් දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට කොවිඩ් - 19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එම නාගරික මන්ත්‍රීවරයාට සිදුකර තිබූ PCR පරීක්ෂණයේ වාර්තාව අද (24) දිනයේ ලැබී තිබූ අතර ඒ අනුව ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැණුනි.

හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසූවේ අදාළ නාගරික මන්ත්‍රීවරයා ස්වයං නිරෝධායනය සඳහා යොමුකර සිටි අයෙකු බවය.

කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇති ආගරපතන ප්‍රාදේශීය සභා සභාපති කදිර් සෙල්වම් මහතා මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයේ පැවැති රැස්වීමටක ඉකුත් 17 වැනිදා සහභාගී වී ඇති අතර එම රැස්වීමට සහභාගී වී සිටි නාගරික මන්ත්‍රීවරයාසමීප ආශ්‍රිතයෙකු ලෙස හඳුනාගෙන ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබුණි.

එහිදී හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් නාගරික මන්ත්‍රීවරයා සහ පවුලේ සමාජිකයන්ව ස්වයං නිරෝධානයට යොමු කර තිබුණි.

කොවිඩ් -19 වෛරසය අසාදනය වී සිටින ආගරපතන ප්‍රාදේශීය සභා සභාපති කදිර් සෙල්වම් මහතා හම්බන්තොට ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.