පාරෙ යන අයට ඉදිරියේ දී කරන්න යන දේ මෙන්න.

Police Channa jayasumana Covid vaccines
By Aruna Jun 04, 2021 03:53 AM GMT
Aruna

Aruna

Report

 සංචරණ සීමා පනවා ඇති සමයේ රථ වාහනවලින් ගමන් කරන අතරේදී පුද්ගලයන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන්ට ලක් කිරීමේ (drive through test) වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ජේෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා විසින් රජයට යෝජනා කර සිටිනවා.

එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් අනවශ්‍ය සංචරණ බොහෝ දුරට පාලනය වන අතරම ආසාදිතයන් හඳුනාගැනීමටද ඉන් ඉඩ ප්‍රස්ථාව සැලසෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

සංචරණ සීමා ක්‍රියාත්මකවන කාලසීමාවේදී සමහරුන් අනවශ්‍ය ලෙස ගමන් බිමන්වල යෙදෙන බව පෙන්වා දුන් මහාචාර්යවරයා එය ඉතා වැරදි ක්‍රියාවක් බව සඳහන් කර සිටියා.

සංචාර සීමා ක්‍රියාත්මක වන කාල සීමාවේදී කොරෝනා පරීක්ෂණ අඩු කිරීම හොඳ නැතැයිද මෙවැනි කාලයකදී එවැනි පරීක්ෂණ සිදු කිරීම ඉතා පහසු බව ඔහු සඳහන් කර සිටියා.

රෝගීන් වැඩි ප්‍රමාණයක් රෝග ලක්ෂණ තවමත් නොපෙන්වන බවත් රට වසා ඇති කාලසීමාවේදී ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට නම් කොරෝනා පරීක්ෂණ වැඩිකළ යුතු බවත් මහාචාර්ය අර්ජුන ද සිල්වා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

පී.සී.ආර් නොකර රට වැසීමෙන් උපරිම ප්‍රයෝජන ලබාගත නොහැකි බවයි මහාචාර්යවරයා ප්‍රකාශ කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now