ෆයිසර් කොරෝනා කරලෙන් සිදුවන දේ..සුබදායක ආරංචියක්.

Covid Sri Lanka Covid tablets Pfizer tablet
By Aruna Dec 16, 2021 03:54 AM GMT
Aruna

Aruna

Report

පැක්ස්ලොවිඩ් ඖෂධ කරල සියයට 90කට ආසන්න ඵලදායීතාවක් පෙන්වයි කොවිඩ් ආසාදනය වූවන් රෝහල්ගත කිරීමට සිදුවීම සහ මරණයට පත්වීම වැලැක්වීමේදී තම සමාගම නිපද වූ පැක්ස්ලොවිඩ් නමැති ඖෂධ කරල සියයට 90කට ආසන්න ඵලදායීතාවක් පෙන්වන බව අලුත් අධ්‍යයනයකින් පසු ෆයිසර් සමාගම පවසා තිබේ.

ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ සායනික අත්හදා බැලීම්වලින් පසු කරන ලද අවසන් විශ්ලේෂණයන්ගෙන් පසුවය.

මේ වනවිට වේගයෙන් ලොව පුරා පැතිරෙමින් ඇති ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිවද මෙම ඖෂධයෙන් එම ආරක්‍ෂාව ලැබෙනු ඇති බවක් පරීක්‍ෂණාගාර දත්ත තුළින් හෙළිවන බව ඔවුන් පවසා ඇත.

මෙම ඖෂධ කරල දැනට භාවිතයේ ඇති තවත් ප්‍රතිවයිරස ඖෂධයක් වන රිටොනවියර් ඖෂධය සමග ගත යුත්තකි.

පැය 12කට වරක් බැගින් දින පහක කාලයක් එය ලබාගත යුතුය. වයිරසය ආසාදනය වී මුල් දින කිහිපය තුළ එය ලබා ගැනීමද වැදගත් වේ.

කෙසේ නමුත් තවම මෙම ඖෂධය භාවිතය සඳහා අනුමත කර නැත.

මෙයට පෙර ඇමරිකාවේ තවත් ඖෂධ සමාගමක් වන මර්ස්ක් සමාගමද මෙවැනිම ඖෂධ කරලක් නිපදවූයේය.

එයද තවම ඇමරිකාව තුළ භාවිතය සඳහා අනුමත කර නැතත් එක්සත් රාජධානිය ඒ සඳහා අනුමැතිය ලබා දුන්නේය.

මෙම ඖෂධය හඳුන්වන්නේ මොල්නුපිරවියර් යන නමිනි.

කෙසේ නමුත් කොවිඩ් රෝගීන් රෝහල්ගත කිරීමට සිදුවීම සහ මරණයට පත්වීම වැලැක්වීමේදී, එය සායනික අත්හදා බැලීම්වලදී පෙන්වා තිබුණේ සියයට 30ක පමණ ඵලදායීතාවකි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now