දරුවන් අවදානමේ. මෙතෙක් කොවිඩ් ආසාදිත දරුවන් ගණන

Corona virus Sri lanka covid 19
By Sithumi Aug 02, 2021 01:32 PM GMT
Sithumi

Sithumi

Report

තම රෝහලට වාර්තා වන කොවිඩ් රෝගීන් සැලකිල්ලට ගැනීමේදී ඉදිරි දින කිහිපය තුළ රෝහල් ධාරිතාව ද ඉක්මවා යනු ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි.

මේ වනවිට දිනකට රෝහලෙන් ළමුන් 15 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගන්නා බව ඔහු සඳහන් කරයි. අද (02) පස්වරුවේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ජී. විජේසූරිය මහතා මේ බව සඳහන් කළේය. "මේ වනවිට රෝහල තුළ තබා ගැනීමටත් බැරි තරම් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. 

රෝහල තුළ රෝගීන් 70 ගණනකට දෛනිකව ප්‍රතිකාර කරනවා. අපි බොරැල්ල ප්‍රදේශයේ, රාජගිරියේ වෙනත් ගොඩනැගිල්ලකුත් ලබා ගත්තා කුඩා දරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා. මේ යන තත්ත්වය අනුව ඒ ඉඩකඩත් මදි වෙයි. වැල්ලම්පිටිය ප්‍රදේශයේ තවත් ස්ථානයක් දැනට සොයාගෙන තියෙනවා. 

දරුවන් 600කට අධික ප්‍රමාණයක් මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් වාර්තා වෙලා තියෙනවා. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 6යි තියෙන්නේ. ඒ 6ම දැන් පිරිලා තියෙන්නේ.

______________________________________________________________

You May like this Video?

බස්නාහිර පාසල්වලින් 98% ක ට වැඩි පිරිසක් එන්නත ලබාගෙන 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now