කොවිඩ් එන්නත තවත් දිස්ත්‍රික් රැසකට..

Colombo Monaragala Hambanthota Rathnapura Covid vaccines
By Aruna Jun 07, 2021 03:46 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා දිවයින පුරා එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉදිරියේදී තවත් දිස්ත්‍රික්ක 13ක එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.

දිස්ත්‍රික් මට්ටමින් වර්ගීකරණය කර මෙම එන්නත්කරණ වැඩසටහන සඳහා සයිනොෆාම් එන්නත් මාත්‍රා ලබාදීමට මේ වනවිට සැලසුම් කර තිබේ.

ඒ අනුව මාතලේ, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල, පුත්තලම සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා එන්නත් මාත්‍රා 25,000 බැගින් ලබාදීමට නියමිතය.

නුවරඑළිය, හම්බන්තොට, අනුරාධපුර, බදුල්ල සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට එන්නත් මාත්‍රා 50,000 බැගින් ලබාදීමට සැලසුම් කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ එන්නත්කරණ වැඩපිළිවෙල දේශපාලනීකරණයෙන් තොරව සිදුකරන බවය.

මෙරට එන්නත් ලබාදිය යුතු සියලු පාර්ශ්ව වෙත කඩිනමින් එන්නත් ලබාදීම රජයේ අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

You may like this video


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now