නව කොවිඩ් ආසාදිතයින් 1548 දෙනා හමුවූ ප්‍රදේශ මෙන්න.
Covid
Colombo
Patient areas
By Aruna
ඊයේ (ජූලි 10) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,548 දෙනෙකු හඳුනා ගෙන තිබේ.
ඉන් 33 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් වේ.
මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
එම සංඛ්‍යාව 336කි. තව ද කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 242 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 180 දෙනෙකු හඳුනාගෙන ඇත.
දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල ආසාදිතයන් වාර්තා වූ ආකාරය ප්‍රදේශ ද සමග පහත දැක්වේ. මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (ජූලි 10) කොවිඩ් මරණ 33ක් සිදු වූ බවට තහවුරු කර තිබේ.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,466ක් දක්වා ඉහළ ගොස් ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






