කොරෝනා ආසාදනය විමේ හේතුවෙන් පාසල් 04 ක් වහයි
පාසල් සිසුන් හා ගුරුවරුන් රැසකට කොරෝනා ආසාදනය විමේ හේතුවෙන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසල් 04 ක් දින 14 ක කාල සිමාවකට වසාදැමු බව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කුමුදුනි ආරියවංශ මහත්මිය (09)දින පැවසුවාය.
මෙසේ වසා ඇත්තේ කපුගොල්ලෑව නාමල්වැව,කිඹුල්පැටියාව,කල්පේ රලපනාව හා පදවිය කොක්පැටියාව යන පාසල් හතරකි. මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වු කැබිතිගොල්ලෑව සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ.එම්.සි.මිහිරංග බණ්ඩාර මහතා මෙසේ පැවසිය.
පාසල් කිහිපයක කොරෝනා රෝගය පැතිර යමින් තිබේ. මීට අමතරව වාහල්කඩ ඩී2 පාසලේ ගුරැවරියකටද කොරෝනා ආසාදනය වි ඇත..එම නිසා එම ගුරැවරිය සේවය කළ පංති තුනක් වසා දමා තිබේ.
ලමුන් 38 දෙනෙකු නිරෝදායනයට ලක්කොට තිබේ. එසේම එම ගුරැවරිය නේවාසිකව සිටි නිවසේ සාමාජිකයන්ද නිරෝදායනය කොට ඇත.
(08)දින ප්‍රදේශයේ සිදුකළ රැපිට් ඇන්ටජන් පරික්ෂණයේදි පුද්ගලයන් 26 දෙනෙකු කොරෝනා රෝගීන් බවට තහවුරැවු අතර . ඔවුන් අතර ගැබිණි කාන්තාවක් හා මාස එකත් මාස තුනත් අතර වියේ පසුවන දරැවන්ද සිටින බව කේ.එම්.සි.මිහිරංග බණ්ඩාර මහතා පැවසිය.
අනුරාධපුර දිස්ත්‍රිකයෙන් වාර්තාවන කොරෝනා රෝගින්ගේ ඉහළ යාමක් දක්නට ඇති බවත් (08)දින රෝගින් 250 කට අධික ප්‍රමාණයක් හදුනාගත් බවද අපකළ විමසුමේදි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා පැවසිය.
