තවත් කොවිඩ් පොකුරක්
කුලියාපිටිය අධිකරණය මඟින් පාලනය වන රැඳවුම් ළමා නිවාසයක දැරියන් 36 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
අද (23) සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරීන් එම පරිශ්‍රයට ගොස් රෝග ලක්ෂණ සහිත දැරියන් 46ක් වෙනුවෙන් සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවේ දී අදාළ දැරියන් ආසාදිත බවට හඳුනාගෙන ඇත.
ඊයේ (22) උණ රෝගය වැලඳී තිබු දැරියන් 7 දෙනෙකු කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල පරිශ්‍රයේ පැවති පරීක්ෂාවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සියලුම දැරියන් අසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
එමෙන්ම සෙසු දැරියන් හා පරිවාස නිලධාරීන් මෙන්ම නිවාස මාතාවන් ද පීසීආර් පරීක්ෂාවකට ලක්කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත. වෛරසය ළමා නිවාසයට පැමිණියේ කෙසේ දැයි සොයා බැලීමට මේ වන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වේ.
සෞඛ්‍ය වෛද්‍ය නිමල් ජයතිලක, සෞඛ්‍ය පරීක්ෂකවරුන් වු සංජය වන්නිනායක, කුෂාන් පෙරේරා, චමල් කල්පන යන මහත්වරුන් එම පරීක්ෂාවන් සිදුකර තිබේ.
මේ අතර දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් 24ක සිසු, ගුරු, විදුහල්පති සහ අනධ්‍යයන සේවකයින් ඇතුළු 49 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |