අද වාර්තා වුණු මුළු ආසාදිතයින්ගේ විශාල වෙනසක්
covid 19
Sri lakka
By Sithumi
අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 229 වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
ඒ අනුව අද දිනය හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 725ක්.
කොවිඩ් -19 ආසාදිතයින් 442ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 526,353 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් ආසාදිතයින් 14,765 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙරටින් මේ දක්වා වාර්තා වි ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 555,204 ක් වේ.
එමෙන්ම, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (20) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා වී තිබේ.
ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,108 ක් දක්වා ඉහළගොස් ඇත.