ප්‍රකාශ නොකෙරුණු ආසාදිතයින් වාර්තා වාර්තා වීමත් සමග සමස්ථය 5,50000 ඉක්මවයි
By Sithumi
මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 550,000 ඉක්මවා ගොස් තිබේ.
ඒ දින 07 තුළ ප්‍රමාද වූ කොවිඩ් පරීක්ෂණ වාර්තාවලින් නව ආසාදිතයින් 1,345 දෙනෙකු හඳුනා ගැනීමත් සමගය.
පසුගිය මස 29 වනදා සිට මේ මස 04 වන දින දක්වා කාලය තුළ එම ආසාදිතයින් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 550,845 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 426 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 523,929ක් දක්වා ඉහළගොස් තිබේ.