අද වාර්තා වූ සමස්ත covid ආසාධිතයින් ගණන
By Sithumi
අද දින මෙරටින් covid ආසාදිතයින් 715 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
ඒ මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 188 ක් වාර්තා වීමත් සමගයි .
ඊයේ දින මෙරටින් තවත් කොවිඩ් මරණ 19 ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දක්වා 13,927 ඉහළ යනවා සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (10) සිදුව ඇති බවය. එම මරණ අතරට කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 272 දෙනෙකු අද (11) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 522,789ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
