සෑම ආසාදිතයෙකුගෙන්ම කොවිඩ් පොකුරක්

By Sithumi Nov 08, 2021 03:04 PM GMT
Sithumi

Sithumi

Report

දැනට වාර්තා වන සෑම එක් කොවිඩ් ආසාදිතයෙකුගෙන් ම කොවිඩ් පොකුරු ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව ප්‍රකාශ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

"දැනටත් අපි කියනවනේ හතරවෙනි රැල්ලක් ඒවි කියලා අපි කියනවානේ. මං හිතන්නේ භාවිතයට ඇවිල්ලා තියෙනවා. අපිට ඉදිරියේ දී දැනගන්නට පුළුවන් වේවි හතරවෙනි රැල්ලක් වගේ ඉහළට යාවි ද කියලා. රෝගීන්ගේ තොරතුරු වසංගත රෝග විද්‍යාංශය මඟින් ඉදිරිපත් කිරීමේ දී ඔවුන් විසින් පවසන ලද්දේ මෙය විසිරී ගිය තැන්වල වාර්තා වන රෝගීන් බවට.

එක් තැනකින් ගොඩාක් ප්‍රමාණයක් නෙමෙයි. අපි හිතුවොත් පොකුරු ඇතිවීමේ ඉඩ කඩක් තමයි තියෙන්නේ. මේ හැම එක් රෝගියෙකුගෙන් ම පොකුරක් ඇති විය හැකියි. අපි ඉතාමත් ම පරිස්සම් වියයුතුයි."  ගර්භණී කාන්තාවන් සඳහා ද තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවනු ඇති බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සංගමයේ ලේකම් චාමින්ද මහතොට මහතා ප්‍රකාශ කළේය.

"ඒ කාලයේ මියගිය ගර්භණී මව්වරු කිසිම කෙනෙක් එන්නත්කරණයට ලක්ව සිටියේ නෑ. එන්නත ලබාගත්ත කිසිම ගර්භණී මවක් මියගිය බවට අපට වාර්තා වුණේ නැහැ.

විශේෂයෙන් ම ගර්භණී කාන්තාවන් සඳහා තුන්වන මාත්‍රාවක් ලබාදෙන විදියට අපි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යරුන්ගේ විද්‍යාතනය විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරා. මං හිතන්නේ ඒ ඉල්ලීම බෝවන රෝග පිළිබඳ උපදේශන කමිටුව මඟින් අනුමත කරලා තියෙනවා. ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණයක් ලබාදේවි."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now