සමස්ත ආසාදිතයන්ගේ ලොකු වෙනසක් - අද සිදු වූ දේ

Covid sri lanka covid
By Sithumi Nov 02, 2021 02:33 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 74 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

ඒ අනුව අද දිනය හදුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 572ක්

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 542,211කි.

එමෙන්ම තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 

 සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (01) සිදුව ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,770කි. 

 එම මරණ අතරට කාන්තාවන් 05 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු අයත්ය.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 448 දෙනෙකු අද (02) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 513,540ක් දක්වා ඉහළගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now