ඔබට කොවිඩ් ආසාදනය වුවහොත් හඳුනා ගන්නේ කෙසේද? මේදේවල් කරල බලන්න(VIDEO) .
මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන ඔක්සිජන් ප්‍රමාණය ඉදිරියේදී ප්‍රමාණවත් නොවනු ඇතැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ, ප්‍රධාන මාධ්‍ය ආයතනයක වැඩසටහනකට එක්වෙමිනි.
අගෝස්තු මස 15 වන දා රාත්‍රීය වන විට දැඩි සත්කාර ඒකකවල කොවිඩ් රෝගීන් 188 දෙනෙක් ප්‍රතිකාර ලබන බවද පැවසු වෛද්‍යවරයා, දළ වශයෙන් එම රෝගියෙක් සඳහා දිනකට සියලු දේ සඳහා අවම වශයෙන් රුපියල් ලක්ෂයක පමණක් දැරිය යුතු බව ද පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ මහතා,
"දවසකට දැඩි සත්කාර ඒකකවල ඉන්න අයට විතරක් යනවා ලක්ෂ 189ක් පමණ අවම වශයෙන්. මේ ලෙඩා පුද්ගලික රෝහලක සිටියහොත් ලක්ෂ 2 හමාරක පමණක් යනවා දවසකට. පීසීආර් පරීක්ෂණයකට යනවා රුපියල් 4,000 - 5,000ක්. රෝගීන් සංඛ්‍යාව වැඩිවෙන කොට බරපතළ අය වැඩිවෙනවා. එවිට මරණ වැඩිවෙනවා.
ඒ සඳහා යන වියදමත් වැඩිවෙනවා. එදිනෙදා මිනිස්සු වැඩ කරන්න ඕනේ කියන දේ ඇත්ත. ඔක්සිජන් ලංකාවේ නිෂ්පාදනය කරන ප්‍රමාණය දැන් අපට පේනවා මදිවේගන යනවා මේ ඇති වෙන රෝගීන් සංඛ්‍යාවත් එක්ක." මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |