නව කොවිඩ් ආසාදිතයින් 2,177ක් හමුවූ ප්‍රදේශ මෙන්න.
ඊයේ (ජූලි 31) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,177 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අතරින් පුද්ගලයන් 27 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෝ වෙති.
මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩි ම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.
එම සංඛ්‍යාව 441කි. එමෙන් ම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 389 දෙනෙකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 158 දෙනෙකු හඳුනාගෙන ඇත.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 125 දෙනෙකු ද ආසාදිතයින් 119 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී තිබේ.
මාතලේ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 112 දෙනෙකු ද වාර්තා වී ඇත.
තවද ආසාදිතයින් 100 දෙනෙකු පුත්තලම දිස්ත්‍රික්කයෙන් ද වාර්තා වී ඇත.
කොවිඩ් රෝගීන් 27,314 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලබා රෝහල්වලින් පිට වූ පුද්ගලයින් සංඛ්‍යාව 27,7118කි.
මේ වන විට මෙරට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 308,812කි.
මේ අතර, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (ජුලි 31) කොවිඩ් මරණ 61ක් සිදු වූ බවට තහවුරු කර තිබේ.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,441ක් දක්වා ඉහළ ගොස් ඇත.
දිවයිනේ ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ පහත දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
