නිවෙස්වල කොවිඩ් රෝගීන් වැඩිවීමේ ප්‍රවණතාවයක්
පාදුක්ක සතිපොළ භූමියේ ඉකුත් 3 වැනිදා පුද්ගලයින් 220 කට සිදුකළ PCR පරීක්ෂණවලින් 175 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුමිත්‍ර කහංගම මහතා සඳහන් කළේ, "යම් නිවසක එක රෝගියෙක් හිටියොත් ඒ රෝගියාගෙන් ඒ නිවසේ සියලු දෙනාටම රෝගය පැතිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා.
ඒ නිසා මේ දිනවල සිදුකරන PCR වලින් 50%කට වඩා වැඩි ප්‍රතිශතයකින් රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවයක් තියෙනවා," යනුවෙනි. මේ අතර නුවරඑළිය නානුඔය ප්‍රදේශයේ හරිතාගාරවල පවත්වාගෙන යන ස්ට්‍රෝබෙරි වගා ගොවිපොළක නිලධාරීන් සහ සේවකයින් 10 දෙනෙකු ද ආසාදිත බවට තහවුරු වී තිබේ.
පවතින වාතාවරණය යටතේ වවුනියාව සහායමාතාපුරම් ගම්මානයට ඊයේ සිට දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු කළ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කරයි. ඒ පසුගිය දින කිහිපය තුළදී ආසාදිතයින් 31 දෙනෙක් එම ගම්මානයෙන් වාර්තා වීමත් සමගය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |