සෞඛ්‍ය කාර්ය මණ්ඩල වැඩ වර්ජනයකට සැරසෙයි ?

Sri lanka stricke covid pandemic
By Sithumi Aug 02, 2021 03:26 PM GMT
Sithumi

Sithumi

Report

වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ ඉහළයෑමක් පෙන්නුම් කෙරෙන මොහොතක සෞඛ්‍ය අංශ සේවකයින්ද සාමාන්‍ය පරිදි සේවයට කැඳවීම විශාල අවදානමක් බව සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව පෙන්වා දෙයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා අද (02) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ රෝහල් තුළ ඇඳන් ප්‍රමාණයට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටින බවය. "කළුබෝවිල රෝහලේ රෝගීන් 230ක් හිටියා. 

දැන් 146ක්. අම්පාරේ හාඩි එකේ රෝගීන් 315ක් ඉන්නවා. මීරිගම රෝහලේ ඇඳන් තියෙන්නේ 30යි. රෝගීන් 65ක් ඉන්නවා. මාතලේ රෝහලේ රෝගීන් 310ක්. වැලිසර රෝහලේ ඇඳන් 46යි රෝගීන් 73යි. 

රාගම රෝහලේ රෝගීන් 478ක්. ලංකාවේ ප්‍රධානතම රෝහල ජාතික රෝහල. ඒකෙ කොරෝනා රෝගීන් 400ක් ඇතුළේ තියාගෙන ඉන්නවා. රෝගීන්ගේ ජීවිතත් අවදානම්. කාර්යමණ්ඩල ජීවිතත් අවදානම්. මෙහෙම තත්ත්වයක් තියෙද්දි ගර්භණී අයයි සියලුම අයයි සෞඛ්‍ය සේවාවට කැඳවන්න කියලා කියන්නේ. කරුණාකරලා මේ චක්‍රලේඛය අවලංගු කරන්න කියන බලපෑම අපි කරනවා."

ඩෙවෝන් ඇල්ලෙන් වැටුණු තරුණිය බවට සැක කෙරෙන තරුණියගේ වීඩියෝව ?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now