පැය 18 ක් නිවසේ තිබුණු කොවිඩ් මරණය
Corona virus
Sri lanka
covid 19
By Sithumi
නිවසක් තුළ මියගිය කොවිඩ් ආසාදිතයෙකුගේ දේහයක් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට පැය 18ක් පමණ යනතෙක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු එහි නොපැමිණීමේ සිද්ධියක් වාර්තා වෙයි
. මාතර, වැලිගම කනංකේ ප්‍රදේශයෙන් එම සිදුවීම වාර්තා විය. එසේ මියගොස් තිබුණේ නිරෝධායනයට යොමුකර සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නොපැමිණීම හේතුවෙන් එම නිවසේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.
පසුව මේ පිළිබඳව දැනගත් වැලිගමප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද දහවල් වෑන් රථයකින් එහි පැමිණ දේහය අවසන් කටයුතු සඳහා රැගෙන ගියේය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |