කොවිඩ් ආසාදිතව මියගිය මවගේ දේහය සොයාගත නොහැකිව අසරණ වූ පුතා

Sri lanka covid 19 Corona virua
By Sithumi Aug 15, 2021 05:06 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් ආසාදිතව මියගිය කාන්තාවකගේ මෘතදේහයක් මාරුවීම පිළිබඳ පුවතක් වාර්තා විය.

හුනුපිටිය, රාහුල මාවතේ පිහිටි නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවක් පසුගිය 12 වැනිදා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව ඇයට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණි. ඒ අනුව රෝහලේ 30වන වාට්ටුවට ඇතුළත් කෙරුණු ඇය, ඊට පසුදින මියගොස් ඇත. 

 පසුව දේහය ආදාහනය කිරීම සඳහා ඇයගේ ඥාතීන්ට භාරදී තිබුණි. එහිදී ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් කොවිඩ් ආසාදිතව මියගිය කාන්තාවකගේ පුත්‍රයා සඳහන් කළේ,

“ඒගොල්ලො දුන්නේ ලොකු මහත බොඩි එකක්. මම කිව්වා ඒ අපේ අම්මගේ පෙනුම නෙමෙයි කියලා. මම බොඩි එක බලන්න ඉල්ලුවා. බලන්න දුන්නේ නෑ. අන්තිමට කොහොම හරි බැලුවා. බැලුවම වෙන එකක්. මම ඔක්කොම බොඩීස් ටික බැලුවා. අම්මා එතන නෑ. වාට්ටුවෙත් බැලුවා. එතනත් නෑ. මගේ අම්මා කොහෙවත් නෑ. අපි රෝහලට ගියේ එක බඩුවක් දීලා තව බඩුවක් මාරුකරගන්න වගේ දේකට නෙමෙයි නේ. අපි අපේ අම්මව දුන්නේ,” යනුවෙනි.