Covid ආසාදිතයින් තවත් ඉහලට..මරණ සංඛ්‍යාවත් නැවත වැඩි වෙයි.
අද දින පළමුව හඳුනාගත් ආසාදිතයින් 513 ට අමතරව තවත් ආසාදිතයින් 166 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව අද දින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 679 දක්වා ඉහළ යනවා
අද දින මෙරටින් කොවිඩ් මරණ 31 ක් හදුනා ගෙන ඇතිබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 13,408 දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ අතරට කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයින් 20ක් අයත්ය. ඉන් 23 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 08 ක් අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 438 දෙනෙකු අද (13) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් විවාහ මංගල උත්සව ඇතුලු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
මේවන විටත් රටතුල කොවිඩ් වසංගතයේ අවදානම් තත්වය පහවගොස් නොමැති බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ. පවතින තත්වය අවබෝධ කරගනිමින් නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත් උත්සව පැවැත්වීම සදහා අවසර ඉල්ලමින් දෛනිකව විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල වෙත පැමිණෙන බවද ඔහු කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |