Covid මරණ වෙනස්ම අගයක..යළිත් අවධානම් තත්ත්වයක්.

By Sewvandhi Dec 15, 2021 12:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 16ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 14677ක් ලෙසටයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (14) තහවුරු කරන ලද මෙම මරණ අතර අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තාවී නැහැ.

අවුරුදු 30ත් 59ත් අතර එක් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වනවා. අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ මරණ 13ක් වාර්තාවී තිබෙනවා.

ඒ පිරිමි 10ක් සහ කාන්තාවන් 3ක් වශයෙන්. මේ අතර මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 576194ක් හමුවී තිබෙනවා.

ඉන් රෝහල්ගතව හෝ වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස්වල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 15430ක්.

546103ක් සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

.....................................

You may like this video..



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now