කොවිඩ් මරණ යළිත් වැඩි වෙයි අද වාර්ථා වූ ගණන
Sri lanka
covid 19
Corona virua
By Sithumi
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ දහනවයක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ
ඒ ඊයේ දින මෙරටින් හඳුනාගත් මරණ ගණනයි.
ඒ අනුව මේ දක්වා හඳුනාගත් මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 13 725 ක්.
එමෙන්ම,
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 428 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 316 දෙනෙකු අද (30) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 512,481ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |