අද වාර්තා වූ covid මරණ ගණන
අද දින මෙරටින් තවත් කොරෝනා මරණ 40 ක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 13059 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම,
කොවිඩ් ආසාදනය වන පුද්ගලයින් අතර දින 90ත් 180ත් දක්වා වූ කාලයක් දක්නට ලැබෙන දිගුකාලීන රෝග ලක්ෂණ 9ක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙයි.
අසාමාන්‍ය ලෙස හුස්ම ගැනීම, උදර රෝග ලක්ෂණ, මානසික අවපීඩනය, පපුවේ සහ උගුරේ වේදනාව, සංජානන ගැටළු, තෙහෙට්ටුව, හිසරදය, මාංශපේශී වේදනාව සහ වෙනත් වේදනාවන් වශයෙන් අදාළ රෝග ලක්ෂණ හඳුනාගෙන තිබේ. එම රෝග ලක්ෂණ අතරින් මානසික අවපීඩනය රෝග ලක්ෂණය සියයට 15ක පමණ ඉහළ මට්ටමක පවතින බව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වාදෙයි.
මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් කාන්තාවන් තුළ දක්නට ලැබෙන අතර දිගුකාලීන කොවිඩ් රෝග ලක්ෂණ නවීන වෛද්‍ය අභියෝගය විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |