අද දින වාර්තා වූ covid ආසාදිතයින්ගේ හා මරණ වල වැඩි වීමක්.

covid19 deaths infection vaccination shavendra silva
By Sewvandhi Oct 27, 2021 03:46 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මුලින් වාර්තා වූ ආසාදිතයින් 425 දෙනාට අමතරව තවත් ආසාදිතයින් 134 ක් හඳුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

ඒ අනුව අද දින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දක්වා 559 ඉහළ යනවා.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 538,320කි.  

මේ අතර ,තවත් කොවිඩ් මරණ 20 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (26) සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,674කි.

එම මරණ අතරට කාන්තාවන් 09 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 373 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 504,376 ක් දක්වා ඉහළ ගොස් තිබේ.  


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.