ජීවිත දහස් ගණනක් බේරාගත් 29 හැවිරිදි තරුණයෙකු කොරෝනා මාරයා බිළිගනියි.(PHOTO)
1990 සුව සැරිය-නොමිලේ ගිලන්රථ සේවාවට අනුයුක්ත 29 හැවිරිදි රියදුරෙකු COVID-19 හේතුවෙන් මියගොස් තිබේ.
ඔහු ශ්‍රී ලංකාවේ මෑත කාලයේ කොරෝනා වයිරසයෙන් මියගිය සෞඛ්‍ය සේවකයා ය.
මියගොස් ඇත්තේ මිද්දෙණිය තෝරකොලයාය පදිංචි තරිඳු සඳරුවන් කුමාරනායක නමැති අයෙකි.
ඔහු අභාවප්‍රාප්ත වන විට 1990 සුව සැරි සේවයේ හි නොමිලේ ගිලන්රථ සේවාවේ හෝමාගම ඒකකයේ සේවයේ නියුතුව සිටියේය.
හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අසනීප වීමෙන් පසු ඔහු සිකුරාදා (ඔක්තෝබර් 01) ඇඹිලිපිටිය දිසා රෝහලට ඇතුළත් කෙරිණි.
තරිඳු වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර නැවත ඇඹිලිපිටිය දිසා රෝහලට මාරු කර යවා ඇත.
කෙසේ වෙතත්, ඔහු ඉරිදා (ඔක්තෝබර් 03) ඇඹිලිපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
ඔහුගේ අභාවයෙන් පසු සිදු කරන ලද PCR පරීක්‍ෂණයකදී ඔහුට COVID-19 වැළඳී ඇති බව තහවුරු වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
