ඇඟලුම් කම්හලකින් කොරෝනා පොකුරක්...පෙදෙස පුරා සීඝ්‍ර ව්‍යාප්තියක්..

Covid Colombo Naula
By Aruna Nov 14, 2021 06:23 AM GMT
Aruna

Aruna

Report

ගත වූ දින කිහිපය තුළ නාවුල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් හලකින් කොවිඩ් වෛරසය ආසාදිත රෝගීන් දහතුන් දෙනෙක් වාර්තා වී තිබෙනවා.

නාඋල පොලිස් බල ප්‍රදේශයේ යළි කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරන බව පොලිස් කොරෝනා මර්ධන ඒකකය පවසනවා.

මේ අතර අඛණ්ඩව තෙවන දිනටත් කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ඊයේ (13) ඉක්මවා ගියේය.

ඊයේ (13) දිනයේ දී නව ආසාදිතයින් 716 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

පසුගිය 11 වන දින සිට අඛණ්ඩව දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 700 සීමාව ඉක්මවා ගොස් ඇති අතර 09 වන දින ද ආසාදිතයින් 718 දෙනෙකු හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 549,500 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඉන් ආසාදිතයින් 523,503 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 12,025 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය සතියට සාපේක්ෂව ගතවූ සතිය තුළ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමේ පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරන බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළේ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේද වර්ධනයක් පසුගිය දින කිහිපය තුළ සිටම දක්නට ලැබෙන බවය.

මේ අතර දෛනික කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව ද මේ වන විට යම් වැඩි වීමක් වාර්තා වේ.

පසුගිය දින දෙක තුළ කොවිඩ් ආසාදිත මරණ 20 සීමාව ඉක්මවා ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පෙරේදා (13) දිනයේ කොවිඩ් ආසාදිත මරණ 22 ක් සිදුව ඇති අතර ඊට පෙර දිනයේ කොවිඩ් ආසාදිත මරණ 23 ක් සිදුව ඇත.

පෙරේදා දිනයේ සිදුව ඇති මරණ අතරින් 18ක්ම පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් සිව්දෙනෙකු ද විය.

එම මරණ අතරින් 17ක් අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් වන අතර මරණ 5ක් අවුරුදු 30ත් 59ත් අතර වයසේ පසුවන අය බව සඳහන් විය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,972 ක් දක්වා ඉහළ ගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now