Covid මරණ වල සීග්‍ර වර්ධනයක්

COVID19 INFECTION QUERANTINE OMICRON VACCINATON
By Sewvandhi Dec 08, 2021 01:14 PM GMT
Sewvandhi

Sewvandhi

Report

තවත් කොවිඩ් මරණ 28ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (07) තහවුරු කර ඇති බවය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,533කි.

කොරෝනා අසාදනය වී සිටි පුද්ගලයන් 356ක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලබා ඇති සමස්ත සංඛ්‍යාව 543,467ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ අතර, දැනට භාවිතයේ පවතින අනුමත කොවිඩ් එන්නත් මගින් කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් නව ප්‍රභේදයට එරෙහිව ආරක්ෂිත ප්‍රතිශක්තීකරණයක් ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද නිවේදනය කළා.

එම සංවිධානයේ වෛද්‍ය මයික් රයන් සඳහන් කළේ, අනෙක් ප්‍රභේදවලට සාපේක්ෂ ව ඔමික්‍රෝන් ප්‍රභේදයට එන්නත මඟ හැර යා හැකි බවට පැහැදිලි සාක්ෂි මෙතෙක් හමු වී නොමැති බවයි.

ඔමික්‍රෝන් නව ප්‍රභේදයට ෆයිසර් එන්නත මඟින් ලබා දෙන ප්‍රතිශක්තීකරණය අර්ධ වශයෙන් මඟ හැර යා හැකි බව දකුණු අප්‍රිකාවේ සිදු කළ සායනික පරීක්ෂණ වලින් හෙළි වූ බව විදෙස් මාධ්‍ය පසුගිය දා වාර්තා කළා.

මේ අතර, කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අන්තෝනියෝ ගුටේරස් ස්වයං නිරෝධායනයට ලක් ව තිබෙනවා. මේ අතර පවතින තත්ත්වය හමුවේ බෝවන රෝග පිළිබඳ උපදේශන කාරක සභාවේ හදිසි රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර, පාසල් තුලින් කොරෝනා පොකුරු නිර්මාණය වීමේ තත්වයක් හටගෙන ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW