කංසා සම්බන්ධයෙන් අද ගත් නවතම තීරණය මෙන්න..(VIDEO)

By Sewvandhi Nov 30, 2021 12:07 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පිළිකාව වැනි රෝග සුව කිරීමට උපයෝගී කරගන්නා ඖෂධ නිෂ්පාදනයට වැදගත් බවට හඳුනාගෙන ඇති "ඖෂධීය කංසා" අපනයනට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

අද (30) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවසුවේ ඉදිරි මාස තුන ඇතුළත ඊට අදාළ අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබාගැනීමට කටයුතු කරන බවය.

"ඉදිරි මාස තුන ඇතුළත විශේෂයෙන්ම ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් අවශ්‍ය නීතිමය අනුමැතියත් මේ පාර්ලිමේන්තුව හරහා ලබාගන්න අපි අවශ්‍ය කටයුතු සියල්ල සිදුකරලා තියෙනවා, ඒ කටයුතු මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ඉතා ඕනෑකමින් යුතුව මතක් කරනවා".


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW