covid මරණවල සැලකිය යුතු වෙනසක්

covid19 deaths infection vaccination quarantine
By Sewvandhi Oct 20, 2021 12:00 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (19) දින තහවුරු කර ඇත.

ඒ සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,543ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

එම මරණ අතරට කාන්තාවන් 07ක් සහ පිරිමි පුද්ගලයින් 11ක් අයත්ය.  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 360 දෙනෙකු අද (20) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 493,674ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now