ආසාදිතයින්ගේ විශාල වැඩි වීමක්..භයානක තත්ත්වයක්..!

COVID19 VACCINATION SHAVENDRA SILVA UERANTINE
By Sewvandhi Nov 29, 2021 03:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මීට පෙර වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 541දෙනාට අමතරව තවත් ආසාදිතයින් 204ක් වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා

ඒ අනුව අද දිනයේ මේ දක්වා දෛනික ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 745ක් ලෙසයි.  

මේ අතර , තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) තහවුරු කර ඇති බවය.

එම මරණ අතරට කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු අයත්ය.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,328කි.  

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 10,378ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 540,040 දක්වා ඉහළගොස් ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW