අද සුව වූ කොවිඩ් ආසාදිතයන් ගනන
COVID19
VACCINATION
INFECTION
By Sithumi
කොවිඩ් -19 ආසාදිතයින් 442ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 526,353 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් ආසාදිතයින් 14,765 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙරටින් මේ දක්වා වාර්තා වි ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 555,204 ක් වේ.
මේ අතර ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (20) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 22ක් වාර්තා වී තිබේ.
ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,108 ක් දක්වා ඉහළගොස් ඇත.
ඒ අතර පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු සහ කාන්තාවන් 9 දෙනෙක් සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
