Covid ආසාදිතයින්ගේ විශාල වෙනසක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 461 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු අද (19) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 493,314ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ අතර , ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය මඟින් නිෂ්පාදිත කොවැක්සීන් කොරෝනා එන්නතේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට තවත් දත්ත අවශ්‍ය වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
ඒ සඳහා කෙටි මාර්ගයක් නොමැති බවයි එමඟින් ඉන්දියාවට දැනුම් දී ඇත්තේ. එන්නතක හදිසි භාවිතයට අනුමැතිය ලබාදීමට පෙර එහි සුරක්ෂිතභාවය සහ ක්‍රියාකාරී බව මනා ලෙස ඇගයීමට ලක් කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් සදහන් කළේ.
කෙසේ නමුත් මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන්ට කොවැක්සීන් එන්නත දැනටමත් ලබා දී ඇති අතර එහි 78%ක ශක්‍යතාවක් පවතින බවයි මූලික අධ්‍යයනයන්ගෙන් අනාවරණ වී ඇත්තේ.
කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොමැතිව එම එන්නත ලැබූවන්ට විදෙස්ගත වීම ගැටලුවක් වනු ඇති බව සදහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |