Covid ආසාදිතයින් තවත් ඉහලට..

covid19 infection vaccination
By Sewvandhi Oct 11, 2021 12:01 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද (11) දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 490ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.  

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 402ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 480,499ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් මර්දනය සඳහා පැනවූ සීමාවන් ඉවත්කිරීම තුළ වෛරස ව්‍යාප්තිය ඉහළ යාමේ වැඩි ඉඩකඩක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කර සිටියේ, කිසිසේත් ම ජනතාව අවදානමෙන් මිදී නොමැති බවය.

"තාමත් අපි කියන්නේ එක්තරා ආකාරයකට අඩුවීමක් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි අවස්ථාවක දකින්න පුළුවන් දෙයක්. නමුත් අපි මේ වෙලාවේ රෝගය පැතිරීමට ඉඩදෙන අවස්ථා මඟහැරීමට ගත් තීරණ ගණනාවක් අයින්කරලා කරලා තියෙනවා. එවන් තත්ත්වයක් තුළ නැවත මේ රෝගය වැඩිවීමට අවකාශ වෙනදාට වඩා වැඩිවෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ අපි සියලුදෙනාම සෞඛ්‍ය පුරුදු සහ සංචරණ කටයුතු අපට කළ හැකි උපරිමයට සීමා කරගෙන කටයුතු කළොත් මේ අඩුවීම තවදුරටත් පවත්වාගෙන යමින් සාධාරණ ලෙස අපිට පාලනය කළ හැකි ප්‍රමාණයකට රෝගීන් සංඛ්‍යාව පහළට ගෙන ආවොත් අපිට සමාජිය හා ආර්ථික කටයුතු ඉදිරියට කරගෙන යමින් නව සාමාන්‍යයක් කරා අපට යන්න පුළුවන් වෙයි."

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now