අද දින පළමු වතාවේ වාර්තා වූ ආසාදිතයින්ගේ වැඩිවීමක්
අද දින පළමු වතාවේ ආසාදිතයින් 644ක් හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
මේ අතර, තවත් කොවිඩ් මරණ 58ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (30) දින තහවුරු කර ඇත. එම මරණ 58ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,964ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.
එම කොවිඩ් මරණ 58න් 31 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 27දෙනා කාන්තාවන් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 48 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ත් - 59ත් අතර කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් 9 දෙනෙක් සිටී.
කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 597ක් අද (01) දිනය තුළ සුවය ලැබු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 458,085ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කර තිබේ. දින 41ක කාලයක් පැවති නිරෝධායන ඇඳිනීතිය අද (01) අලුයම 04.00 සිට ඉවත් කෙරුණි.
රට තුළ පැවැති කොවිඩ් -19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අගෝස්තු මස 20 වනදා රාත්‍රි 10.00 සිට දිවයිනම ආවරණය වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළේය.
ආසාදිතයින් සහ මරණ වාර්තාවීම සැලකිය යුතු මට්ටමකින් අඩුවීම හේතුවෙන් යළි අද සිට රට විවෘත කිරීමට තීරණය කර ඇති බව සඳහන්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |