කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහලට
By Hashini
ලොව පුරා පැතිර යන නව කොවිඩ් වෛරසයට සමගාමීව ඉන්දියාවේ මේ වන විට කොවිඩ් රෝගීන් 6,491ක් වාර්තා වී තිබෙනවා.
ඉන් වැඩිම බලපෑමක් වී ඇත්තේ කේරළයටයි.
නව වසංගතයෙන් වැඩිම බලපෑම එල්ලවූ ප්‍රාන්තය ලෙස කේරළය පත්වෙද්දි මහාරාෂ්ට්‍ර, කර්ණාටක, ගුජරාට්, දිල්ලි, බටහිර බෙංගාලය, උත්තර් ප්‍රදේශ්, තමිල්නාඩු සහ හර්යානා යන ප්‍රාන්තවල ක්‍රියාකාරී රෝගීන් සංඛ්‍යාව පිළිවෙළින් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වනවා.
මේ වන විට ඉන්දියාවේ කොවිඩ් මරණ 65ක් වාර්තා වී තිබෙනවා.
උත්තර් ප්‍රදේශ්, බටහිර බෙංගාලය, තමිල්නාඩු, පන්ජාබ්, මහාරාෂ්ට්‍ර, මධ්‍ය ප්‍රදේශ්, කේරළ, කර්නාටක, ගුජරාට් සහ දිල්ලි යන ප්‍රාන්තවලින් මෙම මරණ වාර්තා වී තිබේ.