භයානක රෝග ලක්ෂණ සහිත වෛරස් ප්‍රභේදයක් මෙරටින්..10 දෙනෙක් හමුවෙයි.

Sri Lanka Covid Chandima jeewandara
By Aruna Nov 21, 2021 09:04 AM GMT
Aruna

Aruna

Report

නව කොරෝනා උප ප්‍රභේදය පාසල් ළමයින් හා තරුණ ප්‍රජාව අතර පැතිරයාමේ වැඩි අවදානමක් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රකාශ කළා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු කළ පර්යේෂණයන්ට අනුව සොයා ගත් නව ඩෙල්ටා කොරෝනා උප ප්‍රභේදය පාසල් දරුවන් අතර සුලබව පැතිර යාමේ අවදානමන් ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර පාසල් තුළදී සහ ඉන් පිටතදී දරුවන්ගේ හැසිරීම් පාලනය කරමින් රෝග ව්‍යාප්තිය අවම කරගැනීම සඳහා පියවර ගැනීම වැදගත් බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී .විජේසූරිය සඳහන් කළේ.

කොරෝනා රෝගය වැළදෙන පුද්ගලයන්ට ඇතිවන නව පශ්චාත් කොවිඩ් රෝගයක් පිළිබඳව අනාවරණ වී තිබෙනවා.

පාදයේ ඇඟිලිවල ලේ කැටිති ඇතිවීම එහිදී දැකිය හැකියි.

එවැනි රෝගී තත්වයක් බටහිර රටවලින් වාර්තාවී ඇති අතර ශ්‍රී ලංකාවෙන් ද එවැනි රෝගීන් 10 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති බවයි විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now