ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන අනතුරු ඇඟවීමක්..

Corona Sri Lanka Cavid
By Aruna Nov 07, 2021 03:02 AM GMT
Aruna

Aruna

Report

ඊයේ (06) අඛණ්ඩව දෙවන දිනටත් කොවිඩ්-19 ආසාදිතයින් 600 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

දින 20කට පසුව මෙරට දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පෙරේදා (05) දිනයේ 600 සීමාව ඉක්මවා ගිය අතර ඊයේ (06) දිනයේත් නව ආසාදිතයින් 617 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඔවුන් සියලුදෙනා අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව සඳහන් වේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 544,630 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිතයින් 514,912 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 15,877 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර පෙරේදා දිනයේත් කොවිඩ් ආසාදිත මරණ 20 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 13,841 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha