මෙරට පැතිරෙන කොවිඩ් ප්‍රභේදය ගැන අලුත්ම ආරංචිය..තත්පර 15ක් තුළ සිදු වන දේ..

Covid Health Sri Lanka Deepal perera
By Aruna Aug 16, 2021 03:01 AM GMT
Aruna

Aruna

Report

නිවෙස් තුළදීත් මුඛ ආවර පැලඳීම අනිවාර්ය කරන්න ඩෙල්ටා ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යන බැවින් නිවෙස තුළදී වුවද මුව ආවරණයන් පැලඳීම අනිවාර්ය කර ගන්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.

වැසිකිළිය, නානකාමරය භාවිත කිරීමේදී නිවසේ එක් පුද්ගලයෙක් එය භාවිත කර විනාඩි 15ට පසුව තවත් පුද්ගලයෙකු භාවිත කරන්නේ නම් යම් හෙයකින් වයිරසය ආසාදනය වීමේ හැකියාවක් නොමැති බව ද වෛද්‍ය දීපාල් පෙන්වාදේ.

වයිරසය ආසාදනය වීම සඳහා ගත වන්නේ තත්ත්පර 15 තරම් සුළු වේලාවක් බැවින් මුව ආවරණය තත්ත්පර 15ට හෝ ඉවත් කිරීම මගින් ආසාදිතයෙකු බවට පත් විය හැකි යැයි ද ඔහු සඳහන් කරයි.

එසේම ඉන්දියාවේ සහ ඇමරිකාවේ මේ වන විට දරුවන් අතර ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යාමට පටන් ගෙන ඇති බැවින් ඔබගේ දරුවා නිවස තුළම රඳවා ගැනීමට කටයුතු කරන්නැයි ද පිටස්තර පුද්ගලයන්ට නිවස වෙත ඒමට ඉඩ ලබා නොදෙන්නැයි ද විශේෂඥවරයා අවධාරණය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now