ඩෙල්ටා ශරීරය තුළ අති භයානක වෙන හැටි මෙන්න.. බෙහෙත් 02කම විද්දත් 23ක් මිය ගිය හැටි...
Sri Lanka
Delta
Ranjith batuwanthudawa
By Aruna
මේ වනවිට දිවයින පුරා පැතිරෙන ඩෙල්ටා ප්‍රභේදය ශරීරය තුළදී ඉතා ඉක්මනින් ගුණනය වන බව සොයාගෙන තිබෙනවා.
විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව අද ප්‍රකාශ කළා.
එසේම මෙම වෛරසය ශරීරය තුළ වැඩිවීම නිසා සංකුලතා ඇති විය හැකි බවත් අනාවරණය වී තිබෙනවා.
ඒ අනූව ඩෙල්ටා ප්‍රභේදය වාතය ඔස්සේද පැතිර යා හැකි බවයි ඔහු පවසන්නේ.
එම නිසා සංවෘත ස්ථාන වලදී සෑම විටම මුහුණු ආවරණ දෙකක් පැළඳීමට කටයුතු කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.
මේ අතර එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන සති දෙකකට වඩා වැඩි කාලයක් තුළ 23 දෙනෙකු මිය ගොස් තිබෙන බව ඔහු සඳහන් කළ අතර ඔවුන් දීර්ඝ කාලීන රෝග වලට භාජනය වුවන් බවයි සඳහන් වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |