කොවිඩ් සමග තවත් රෝගයක් වැළඳීමේ දැඩි අවධානමක්...වෛද්‍යවරු අනතුරු අඟවයි...
සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් සහ ඩෙංගු යන රෝග දෙකම මේ දිනවල එක් පුද්ගලයෙකුට වැළඳිය හැකි බවත් එවන් විටක ඇතිවිය හැකි සංකූලතාවන් වැඩි විය හැකි බවත් ඩෙංගු මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හිමාලි හේරත් මහත්මිය අනතුරු අඟවනවා.
ඩෙංගු වයිරස් කාණ්ඩ හතරම මේ දිනවල පැතිර යන බැවින් ඩෙංගු රෝගීන්ගේ අසාමාන්‍ය වර්ධනයක් දැකිය හැකි බවද, මෑත කාලය තුළ ඩෙංගු ප්‍රභේද හතරම එකවර පැතිර ගියේ මෙම කාලය තුළ බවද සඳහන් කළා.
මෙහිදී වැඩි වශයෙන් දෙවන සහ තුන්වන ප්‍රභේදයන් පැතිර යන බව සිදුකරන ලද පර්‌යේෂණයන්ගෙන් තහවුරු වී ඇති නිසා උණ රෝගය සෑදී දෙවන දිනයේදීම වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමුවීම ඉතාමත් වැදගත් බවත් කොවිඩ් රෝගයට බියවී ප්‍රතිකාර සඳහා රෝහල්වෙත යෑම ප්‍රතික්ෂේප කිරීම කිසිවිටකත් නොකළ යුතු තත්ත්වයක් බවත් පෙන්වා දෙනවා.
ඩෙංගු රෝගයේදී රෝහල් ගත වීම ප්‍රමාද වීමෙන් රෝගියාට දරුණු තත්ත්වයන් ඇතිවීම වැළැක්විය නොහැකි වනු ඇතැයි ද වෛද්‍ය හිමාලි මහත්මිය අවධාරණය කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |