මෙරට 4 වන කොරෝනා රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්...අවධානයෙන් සිටින්න..

Covid Corona Hemantha herath
By Aruna Jul 25, 2021 08:00 AM GMT
Aruna

Aruna

Report

මෙරටින් වාර්තාවන ඩෙල්ටා ආසාදිතයන් 68 දෙනාට වඩා වැඩි පිරිසක් සමාජය තුළ සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත් රට තුළ හතරවන කොරෝනා රැල්ලක් ආරම්භ විය හැකි බවයි ඔහු කියා සිටියේ.

අම්බලන්ගොඩ - වතුගෙදර ප්‍රදේශයේ විහාරස්ථානයක සාමණේර හිමිවරුන් සිව්නමකට කොරෝනා ආසාදනය වී ඇති බව අහුන්ගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේ නිරෝධායනයට ලක් කර ඇති බව සඳහන්.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 149 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයන් 294,850 ක් වාර්තාවී ඇති අතර, ඉන් ආසාදිතයන් 24,183 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් පවතින තුන්වන රැල්ල පාලනය කිරීම සඳහා සියලුදෙනා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු නොකළහොත් තවත් කොරෝනා රැල්ලක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now