මෙරට ජනතාවට සුබ ආරංචියක්... කොරෝනා වලට ඉදිරියේදී කරන්න යන දේ..
චීනයේ නිෂ්පාදනය කෙරෙන සිනොවැක් කොවිඩ් මර්දන එන්නත ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට මේ වනවිට කටයුතු කරමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
චීන රජය ප්‍රාදානය කළ තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් අද කටුනායක වෙත ලැබී තිබූ අතර එම එන්නත් මාත්‍රා භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරටදී එන්නත් නිෂ්පාදනය කිරීම සඳහා කුණ්ඩසාලේ පිහිටි කර්මාන්තශාලාවක් සූදානම් කරමින් ඇති බවය.
"චීන තානාපතිතුමා අද තවත් විශේෂ දැනුම්දීමක් කළා. අප මිලදී ගැනීම් සිදුකරනු ලබන සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ඉදිරි මසක කාලය ඇතුළත ශ්‍රී ලංකාවට ලබාදීමට කටයුතු කරනවා කියන එක. ඊට අමතරව මේ අවස්ථාවේ අපේ රටට අවශ්‍ය වන වෛද්‍ය උපකරණ තොගයක් නුදුරේදීම චීන රජය විසින් ලංකාවට ලබාදීමට කටයුතු කරන බවත් පැවසුවා.
රුසියානු ස්පුට්නික් එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ද අපිට ලැබීමට නියමිතයි."
"ඒ වගේම චීන තානාපතිතුමා විශේෂ වශයෙන් ප්‍රකාශ කළා චීනයේ මේ වනවිට නිෂ්පාදනය කරන අනෙකුත් ප්‍රධාන එන්නත තමයි සිනොවැක් එන්නත.
එය ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කිරීම සඳහා චීන රජයේ පූර්ණ අනුග්‍රහය ලැබෙන බව.
අපි මේ ගැන සාකච්ඡා කරලා මේ වනවිට එය සාර්ථක තත්ත්වයට පත්වෙලා තියෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා සිනොවැක් එන්නත අපේ රටේ සහ චීනයේ හවුල් නිෂ්පාදනයක් විදිහට ඉදිරි මාස 2ක පමණ කාලයේදී අපේ රට තුළ නිෂ්පාදනය කරන්න.
ඒ සඳහා කුණ්ඩසාලේ පිහිටි කර්මාන්තශාලාවක මූලික කටයුතු සූදානම් කරගෙන යනවා."
"අපිට අද ලැබුණු එන්නත් හෙට දිනයේ සිටම එන්නත්කරණ කටයුතු සඳහා භාවිත කරනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |