අවන්හලක් කඩා ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
By Mithu
වැල්ලවත්ත මුහුදු තීරයේ පිහිටි අවන්හලක් කඩා ඉවත් කරන ලෙස දන්වමින් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයා නිකුත් කර තිබූ නොතිසිය ක්‍රියාත්මක කිරීම එළැඹෙන 21 වනදා දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ අවන්හල් හිමිකාරීත්වය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම පියවර ගෙන ඇත.