කපිල චන්ද්‍රසේනගේ දුරකතන දත්ත ඉල්ලා ඇපල් සමාගමට අධිකරණ නියෝගය

Report

අභාවප්‍රාප්ත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ ජංගම දුරකතනයේ දත්ත ලබාගැනීම සඳහා වන අධිකරණ නියෝගය ඇපල්  සමාගම වෙත යොමුකළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර් බස්  යානා මිලදී ගැනීමේදී සිදුවූ මහා පරිමාණ දූෂණ අක්‍රමිකතා නඩුවේ ප්‍රධාන සැකකරු වූ කපිල චන්ද්‍රසේන මහතා කොළඹ පිහිටි සිය නිවසේදී මියගොස් සිටියදී හමු වූ අතර, එම මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන සඳහා ඔහුගේ ජංගම දුරකතනය පරික්ෂා කිරීමට පොලීසියට අවශ්‍ය වී ඇත.

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, අදාළ මරණ පරීක්ෂණ වාර්තාව සහ රස පරීක්ෂක වාර්තාව කඩිනමින් අධිකරණයට යොමුකරන ලෙස අදාළ පාර්ශ්වයන්ට සිහි කැඳවීම් නිකුත් කිරීමට ද නියෝග කළේය. නඩුව ඔක්තෝබර් 14 වනදා දක්වා කල් තබා ඇත.

වාහන අංක තහඩු ලැබෙන දිනය මෙන්න - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

වාහන අංක තහඩු ලැබෙන දිනය මෙන්න - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්